රැඩිකල් තාරුණ්‍යය

රැඩිකල් තාරුණ්‍යය

March 3rd, 2010 Filed under: Uncategorized by dilrun

හිස් පිටුවක් වූ මාගේ හදවතේ…

ලියූවෙමි ඔබේ නම නොමැකෙනා ලෙසේ…

සිතු ඉටු නොවූ සිහින තනිවූ මා ලොවේ…

බොඳ නොයා හරිනු මැන සදා ළංවී මෙසේ…

කැඩපතක් වුනේ නම් මගේ හදවත විටෙක…

ඔබේ රුව පමණක්ය දකින්නේ සැමදාම…

නොසන්සුන් මා මනස නිදි නොලැබ තුන් රැයම…

අකුරු කළ මේ සඳැස කෙලෙස නිම වන්නේද…?

No Comments »

සිරවූ කවිය…

January 31st, 2010 Filed under: තාරුණ්‍යය by dilrun
තත්පරෙන් තත්පරය මිලින වී යයි සිත…
එනතුරු බලා සිට රිදෙයි මා නෙතු සඟළ…
අගුළු වැටෙනා ලෙසය මගේ දෙසවන් ද අද..
සොඳුර ඔබ දන්නේ ද කිම මෙලෙස වන්නේ ද…
ලොවේ තනිවූ විටෙක කලකිරී ගිය කලෙක…
නුඹ පා තැබුවේය මගේ සිත් මඬළ වෙත…
ආත්මය මා දිවිය සුවඳ කළ ඔබ වදන්…
ඇසෙනා තුරා නැවත හිඳිමි මම ගොළුවෙලා….

No Comments »

තනිකම…

January 31st, 2010 Filed under: Uncategorized by dilrun
මා සිතට ගලා ආ මිහිරි සිතුවිලි බිඳක්
සිරකරමි කවියකට අසල ඔබ නොවූයෙන්…
වැහි බින්ඳු ඇදහැලේ , කිලි පොළයි ගත මගේ…
මොර නගයි,බිය දැනෙයි සිත මගෙ පාළුවෙන්…

සීතලම සීතලයි දරන්නේ කෙලෙස මම…
දිව විත් මා ළයට තුරුළු වෙන්නට බැරිද…
සිප ගන්න ඔබේ මුව.දෙතොල් හා ළය මඬළ…
වඩිනු මැන වරක් වත් මෙලෙස මා තනි නොකර…

No Comments »

සුළග…

January 29th, 2010 Filed under: Uncategorized by dilrun

සුලඟ වගේ පාවෙන විට දැනෙන සුවේ….

හදක සිරව සිටිනා විට නොම දැනුනේ…

දෙන්න බැරිද තනිවෙන්නට නැවත සඳේ…

දොස් නොකියමි…මල් පොකුරක් මිලින වුනේ…

No Comments »

සුළග…

January 29th, 2010 Filed under: Uncategorized by dilrun

සුළඟ වගේ පාවී මා යන කලට…

නෙත ගැටුනා නුඹ එක් ගල් තලාවක…

දැනුනෙමි ඔබේ හද හඬනා විලාසය…

මල් පොකුරක් වෙලා අවෙමි නුඹෙ ලොවට…

No Comments »

සිතුවිලි

January 29th, 2010 Filed under: තාරුණ්‍යය by dilrun

ගිම්හානයේ එක් දිනක පියවර නැගුවෙමි මූදු වෙරල මත..

සැතපුනෙමි මදකට හිරු රැස් පහස විඳීමට…

දෑස් සිසරා දිස් වූයෙ නිල් පැහැති ගගන තලය…

පුළුන් කැටි ඇලවූ ලෙසට සුදු වළාකුළු..ගතවූයේ මොහොතකි..

දසත අලෝකය පමණි…හිරු රැස් කොහේදැ’යි විපරම් කළෙමි..

සුදෝ සුදු වළාකුළු හිරුව වසාගෙන…කෙතරම් උත්සහ කළද හිරුට

එබෙන්නට ඉඩක් නොදේ..

මට සිතුනි මෙලෙසට,

සමහර දනන් තුළ හිරු සේ පවතිනා නිමල සිතුවිලි,

කෙතරම් පොර බැදූවද පෙරටු වන්නෙ කිලිටි සිතුවිලි ය…

තව රැඳීමට සිත් නොවූයෙන් මා නැවත පැමිණීමි නවාතැන් කුටිය වෙත….


No Comments »

මා දන්නේ එපමණ යි…

January 4th, 2010 Filed under: තාරුණ්‍යය by dilrun

මගේ විශ්වය ඔබ ය…
මගේ අරමුණ ඔබ ය…
ඇසිපියෙහි සැලෙන්නේ ඔබ ය…
මා හදවතේ ගැස්ම ඔබ ය…
මා ඔබ තුලින් දෙවියන් දකිමි…මා කුමක් කරන්නද?

අප අතර කෙතරම් දුරක් ද? අප කෙතරම් අසරණ ද?
එහෙත් මා දෑසින් ඔබව ස්පර්ශ කරමි…
මොහොතක ඔබේ සුවඳ…
මොහොතක ඔබේ වදන්..නොවින්දද මා…
මෙලොව ඇති වටිනාම දේ ඔබ යැයි හැඟේ…

ඇසුණි සිලි සිලි හඬක්…
ඈතින් ඇදුණි ඔබේ රුව…හැඬුවා මා හදවත හෙමින්…
වරෙක ඔබෙ සිනහවත්…වරෙක ඔබෙ තරහවත් මතකයට නැඟේ…
එහෙත් ඔබ මා දෙතොල් මත රැඳුණු සිනහව යි…
මා දන්නේ එපමණ යි…

No Comments »

තරුණයා…

January 2nd, 2010 Filed under: තාරුණ්‍යය by dilrun

හදතුල නලියනා සුවහසක් සිතුවිලි,
විසිරුවන්නට යත්න දරමින්…
තාරුණ්‍යය මිල කරන වියරුවූ සමයක..
දෑස් හෑර බලමි,ඔබ දෙස අසරණව…

සොයුරනි,සොයුරියනි කිමද මේ සිහිසුන්ව…
පැන් පොදක් ඉසින්නද, ඔබේ සිහිසුන් වතට…
සවනට ඇසේ සිව්දෙසින් අපගේම පිරිහුම…

වගකීම්,යුතුකම්,ආදරය අතර මැද…
මංමුලාවී ගොසිනි අනේ අප අසරණව…
කෙලෙස මේ ගොහොරුවෙන්,මතුව නැගිටින්නේද…
සිතන්නට කාලයයි,සොයුර සොයුරිය අපට…


Youth

No Comments »

  • Categories

    • Uncategorized
    • තාරුණ්‍යය
  • Blogroll

    • WordPress.com
    • WordPress.org
Copyright © රැඩිකල් තාරුණ්‍යය. Free Wordpress Themes. Web hosting. Email marketing